Oct 18

වැඩට අඳින සාරියෙන්... පළඳින ටයි එකෙන් කොරෝනා එන්න පුළුවන්.. ආභරණ පළඳින්නත් එපා!


”කොරෝනා වෛරසයේ ආයු කාලය දින කීයක්ද කියලා තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. තාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිනවා”
යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය 16 වැනිදා පැවසුවාය.

නමුත් මෙම කොරෝනා වෛරසය ජංගම දුරකථන, පෑන් පැන්සල්වල, යකඩ පෘෂ්ඨයන් මත වැඩි කාලයක් රැඳී පැවතිය හැකි බව ඇය සඳහන් කළාය. කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන ඇයගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ ඇය මෙසේද කියා සිටියාය.

”දැන් මේ කොරෝනා වෛරසය වැළඳුණු කෙනෙකුට දින තුනක් තුළ හෝ සතියක් තුළදී සුවය ලැබීමේ හැකියාව තිබෙනවා. ඒ දේ මිනිස් ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනවා. විශේෂයෙන් තමන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිකරණයත් මේකට බලපානවා.

කොහොම වුණත් මේ කොරෝනාවට නිශ්චිත බෙහෙතක්, එන්නතක් හොයාගෙන නැතිවුණාට අපේ සෞඛ්‍ය අංශවලට හැකියාව තියෙනවා ඒ රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ප‍්‍රතිකාර කරලා ඔහුව සුවපත් කරන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් කැස්ස තියෙන කොරෝනා රෝගියෙක් ගෙනාවා කියමුකෝ. ඔහුගේ ඒ රෝග ලක්ෂණයට අනුව ප‍්‍රතිකාර කිරීමෙන් ඔහුව සුවපත් කිරීමේ හැකියාව අපේ වෛද්‍යවරුන්ට තිබෙනවා. ඒ අනුව තමයි මේ රෝගීන් සුවය ලබා රෝහල්වලින් පිටවෙලා යන්නේ.

නමුත් තාම කොරෝනාවට නිශ්චිත බෙහෙතක්, එන්නතක් සොයාගෙන නැහැ. නමුත් රෝහලට රෝගියා එන එන විදියට ඔහුගේ හෝ ඇයගේ රෝග ලක්ෂණ අනුව ප‍්‍රතිකාර කරනවා. එහෙම කරන නිසයි අපේ රටේ මරණ වැඩි ප‍්‍රමාණයක් වාර්තා වෙන්නෙ නැත්තේ.

විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය පැතිරෙන්නේ කැස්ස, කිවිසින විට ඉන් පිටවන බිඳිති මඟින්. අනිත් එක කොහේ හරි කෙනෙකුගේ සෙම, සොටු පෘෂ්ඨයක තැවරිලා තිබිලා ඇල්ලූවොත් එය බෝවීමේ අවදානමක් තිබෙනවා.

මට තව කාරණයක් මතක් කරලා දෙන්න තියෙනවා. ඒ මේ දවස්වල වැඩට යන අපේ කාන්තා පාර්ශ්වයට හා පිරිමි පාර්ශ්වයට. ඔබ කාන්තාවක් නම් මේ දිනවල සාරි ඇඳගෙන වැඩට යන්න එපා. මොකද ඔබේ සාරිය සාරිපොට මඟතොට යන එනකොට බිම ගෑවි ගෑවී යන්න පුළුවන්. එතකොට අර බිම කොරෝනා ආසාදිත පුද්ගලයකු කෙළ ගහලා තිබුණොත්, සෙම දාලා තිබුණොත් ඒ තුළිනුත් කොරෝනා වෛරසය බෝවීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා ඔබ මේ දවස්වල වැඩට යනකොට රැකියා ස්ථානයට ගැලපෙන සැහැල්ලූ ඇඳුමක් ඇඳගෙන යන්න. ඒ වගේම ඔබ මේ දිනවල මාල, මුදු, වළලූ පැළඳගෙන යන්නත් එපා. මොකද ඒ තුළිනුත් වෛරසය බෝවීමේ ඉඩකඩ වැඩි නිසා. ඒ වගේම පිරිමි පාර්ශ්වයේ අයට කියන්න තියෙන්නෙ ටයි පැළඳගෙන යන්න එපා කියලයි. තමන්ට සුදුසු තද නැති සැහැල්ලූ ඇඳුමකින් වැඩට යනවා නම් හොඳයි.

ඒ වගේම තමන්ගේ ජංගම දුරකථනය, පෑන නිතරම විෂබීජහරණය කරන්න.

ඒවගේම ඔබ නිතරම දෑත් සබන් යොදා සෝදා ගන්න. එමෙන්ම ගමන් බිමන් යනකොට මුඛ ආවරණ පැළඳගෙන යන්න. සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න. හැමදෙනාම නිතරම සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරනවානම් ගැටලූ මතුවෙන්නේ නැහැ.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ

-ප්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.