Oct
19
රිෂාඩ් බදියුදීන් CID අත්අඩංගුවට ගනී !
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අළුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
මන්ත්‍රීවරයා දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය මහ මැතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරමට අවතැන් වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.