Oct 27

පෑලියගොඩ මාළු කඩේ කුඩ්ඩෝ 18ක් ඇලට පැන පලාගොසින්


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩටට පීනා පලා ගොස් ඇත.

ඉකුත් (19 වැනිදා) සඳුදා අහඹු ලෙස කළ 109 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී 49 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු විය.

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය නිරත පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ඇතුළුව 1200 දෙනකු පමණ එදින රාත්‍රී 10.00ට ආසන්න හෝරාව වන තෙක් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබේ.

පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු එම ස්ථානයට පැමිණි බස්රථවලින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර ඇත.

පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තමන් කළ වරද පිළිබඳ අවබෝධ කරගත් කීපදෙනෙක් බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබාදී යළිත් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන ලෙස ඉල්ලා සිට ඇතැයි පෑලියගොඩ නගර සභාවේ නිලධාරියකු පැවැසීය. මේ පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන බව එම නිලධාරීහු පැවසූහ.

එන්.ඒ. වීරරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.