Oct 27

මධුෂ්ගේ ඝාතනය ප්‍රෙහෙලිකාවක් බව පොලිස් ලොක්කෙක් කියයි


සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරන්නේ මදූෂ් යනු ප්‍රබල අපරාධකරුවෙකු මෙන්ම Master Minder (මාස්ටර් මයින්ඩ්) කෙනෙකු බවයි. මේ බව යුටියුබ් සමාජ ජාලයේ නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර ඇත.

එහිදී ඔහු සඳහන් කරන්නේ මදූෂ්ව ආරක්ෂා කර ගත යුතුව තිබුණු බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එමගින් ඔහුගෙන් තොරතුරු සියල්ල ලබාගත යුතුව තිබුණු බවයි. එමන්ම මදූෂ්ගේ ඝාතනය ගැටලුවක් වී ඇති බව තමන් පිළිගන්නා බවද සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර ඇත.

මදූෂ්ගේ වැටලීම සඳහා විශේෂකාර්ය බලකා සෙබළුන් රැගෙන නොයෑම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් ඇතැයි සඳහන් කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මදූෂ්ව නිරුපද්‍රිතව ගලවා ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවයි.

මදූෂ්ව ඝාතනය කිරීමට පෙර දින තොරතුරු අනාවරණය වූ බව තමන් නොදන්නා බව පවසන නි.පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මදූෂ්ව දණ ගස්සවා වෙඩි තැබූ බවට යන මතය තමන් පිළිනොගන්නා බවකි.

-  අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.