Oct 19

මගීන් 30 ක් ගමන්ගත් බසය ගිනිගනී


කොළඹ, මරදාන, සංඝරාජ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ බස් නැවතුමක් අසලදී පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනිගෙන විනාශ වී ඇතැයි ආමර්වීදිය පොලිසිය කියයි.

ඊයේ (18 වැනිදා) උදේ 7.00 ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ මාර්ග අංක 152 පිටකොටුව - බත්තරමුල්ල (විදේශ සේවා අතර) ධාවනය වූ බස් රථයක් බව පොලිසිය කියයි.

මෙම පෞද්ගලික බස් රථය පිටකොටුවේ සිට විදේශ සේවා දක්වා ධාවනය කරවන අතරේ එහි මගීන් 30 දෙනෙකු පමණ සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

එලෙස පැමිණෙමින් තිබියදී බස් රථයේ එන්ජිම යට ප‍්‍රදේශයෙන් දුමක් පිටවෙන්නට පටන්ගත් බවත්, ඒ සමඟ බස් රථය සංඝරාජ විහාරස්ථානය ඉදිරිපිට බස් නැවතුම අසල නවත්වා මගීන් සියලූ දෙනා බැස්සවීමට පියවර ගත් බවත්, ඒ සමඟම බස් රථය ගිනිගත් බවත් පෞද්ගලික බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

මෙහිදී කිසිදු මගියකුට ජීවිත හානියක් සිදුවී නැත.

මෙම ගින්න හටගැනීමත් සමඟ පොලිසිය කොළඹ ගිනිනිවන ඒකකය දැනුවත් කර ඇත. පසුව එම ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න විනාඩි දහයක් තුළදී මැඬපැවැත්වූ බවද පොලිසිය කියයි.

ඊයේ ඉරිදා දිනයක් වූ බැවින් මාර්ගයේ වැඩි වාහන සංඛ්‍යාවක් ධාවනය නොවූ හෙයින් මෙම බස් රථයේ ගින්න වාහන ගමනාගමනයට බාධාවක් නොවූ බවද පොලිසිය පවසයි.

ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. ඞී. සී. ප‍්‍රසාද් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක කළුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් - සමන් රණවීර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.