Sep
11
මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කළ වෙලේ සුදාගේ මස්සිනා ඇල්ලු හැටි
ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඔහුට පහසුකම් සපයමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ ඔහුගේ මස්සිනා බව කියන කනත්තෙ චූටී නමැත්තා ඉමදුව පොලිසිය මගින් පෙරේදා (09 වැනිදා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සමඟ සිිටි තවත් දෙදෙනකුද පොලිස් භාරයට ගෙන තිබේ.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී කනත්තේ චූටි නමැති ජාවාරම්කරු කොටුවී ඇත්තේ රුපියල් පනස් දහසක් පමණ වටිනා හෙරොයින් ළඟ තබාගෙන සිටියදීය. මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක පසුගිය මාස කීපය තුළ රුපියල් ලක්‍ෂ 20 කට අධික මුදලක් සංසරණය වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
සැකකරු ති‍්‍රරෝද රථ රියැදුරකු ලෙස රැුකියාව කරන බව කියමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති අතර ඉමදුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක්ද ඉදිකරන බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
කනත්තේ චූටි නමැති මෙම හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය සමඟ විවාහ වී සිට පසුව එම විවාහයෙන් වෙන්වී ඇති බව පොලිසිය පවසයි.
එහෙත් මොහු වෙලේ සුදා සමඟ දීර්ඝ කාලයක සිට තවමත් සමීප සබඳතා පවත්වන බව අනාවරණය වී ඇත. ඉකුත් ජුලි 11 වැනිදා ද මොහු බූස්ස බන්ධනාගාරය වෙත ගොස් වෙලේ සුදාට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් ලබාදී තිබූ බව හෙළිවී ඇත.
මෙම සැකකරු පිළිබඳ පොලිසිය සොයන්නට පටන්ගෙන ඇත්තේ ඔහු අසීමිත ලෙස මුදල් පරිහරණය කිරීම සහ සුවිසල් නිවසක් ඉදිකරන බවට ලැබුණු තොරතුරු මතය.
සැකකරු ඊයේ (10 දා) ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගෙන් දින 07 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පොලිසියට අවසර ලබා දුන්නේය.
සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.
ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, සුගතපාල දීයගහගේ