Sep
11
ත්‍රිකුණාමලය, සල්ලිමුනායිවලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලි පොලිසිය හා එක්ව ඊය් (9) ත්‍රිකුණාමලය, සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව තිබේ.
එහිදී වෝටර් ජෙල් කූරු 50 ක්, සේෆ්ටි ෆියුස් කොටස් 05 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක් සහ අඩි දෙකහමාරක් පමණ දිග කඩුවක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 50ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
නාවික හා පොලිස් ඒකාබද්ධ බුද්ධි ඒකකයට ලද තොරතුක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කුච්චවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි.
ලක්මාල් කේ. බදුගේ - මව්බිම