Sep
02
අබුඩාබි නුවර අවන්හලක සිදුවූ පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා
අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කළ අවන්හලේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන නමැති තරුණයෙකි.
ඔහු වැලිගම, වරකපිටිය, විස්කම් උයන ගම්මානයේ පදිංචිව සිටියේය.
ඔහුගේ දේහය අබුඩාබි නගරයේ රෝහලක තැන්පත් කර ඇති බව ඥාතීහු පවසති.
පවුලේ එක ම පිරිමි දරුවා වූ සමිත් රංගන සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අබුඩාබි නුවර බලා පිටත් වී තිබිණි.
ඔහු විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව එම රැකියාවට ගොස් ඇති අතර සඳුදා උදෑසන ද විවාහ ගිවිසගෙන සිටි බිරිඳ සමග දුරකතනයෙන් කතා කළ බව දෙමාපියෝ පැවසූහ.
- මව්බිම