Sep
02
බැසිල් පාර්ලිමේන්තු එන ක්‍රමය විමල් කියයි
අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට දැන්ද බාධාවක් නැති බවයි.
බැසිල් රාජපක්ෂ මහතාට ඇති ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගතහොත් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාවක් ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට තිබුණු ඇමරිකානු පුරවැසිභාවය නිසි ලෙස ඉවත් කරගෙන මෙරට ජනාධිපති බවට පත් වූ බව ද පැවසු වීරවංශ මහතා ඒ ක්‍රමයම අනුව බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු වීමට හැකියාව ඇතැයි කියා සිටියේය.
මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.