Sep
26
ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පුතුගේ උපන්දිනයට ලියූ කවි මෙන්න
ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානිගේ ආදරණීය සිඟිති පුතු වන මිනෙත් රණවනගේ පළමු උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා.
මේ හේතුවෙන් රොෂාන් සිය බිරිඳ සමග එක්ව ලියූ කවි සිතුවිල්ලක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
අපේ ලොවේ මිහිරි නෙතු
ජීවිතයේ එක් කවියක්වත් නොලියූ මං
කවිකාරයෙක් කරන්නට ඔබට හැකි වුනා නං
නොඉවසිල්ලෙන් ඔබ එන මඟ බලා සිටි මං
පියෙකු කළ නුඹෙ මවට සෙනෙහෙන් පතමි පිං
ඹබේ මුව දැක නෙතට කඳුලක් ආවේ
ආදරය දෝරෙ ගලා යන තුටින් පිරි වේලේ
නොමැත මින් පෙර මෙවන් සතුටක් ලැබුවේ
වසරක් ගෙවුනා කියා අදහනුද කෙලෙසේ
ඔබ සමඟ ගෙවී ගිය සුන්දර කාලේ
නැවත නොඒ දැයි හැඟුනද සිත් දෑළේ
ඔබ මුවින් " තාත්තා" යන වදන් ඇසු වේලේ
විඳිමි විශ්වයේ ඇති පරිශුද්ධම ආලේ
අමිල ගුණ මැද පුතු වැඩේවා
නැණට වැඩියෙන් ගුණ වැඩේවා
මතු භවෙත් අප පුතුම වේවා
" මිනෙත්" සුභ උපන් දිනක් වේවා
( කවි සිතුවිලි ආදරණීය අම්මා සහා තාත්තා ගෙන්)