Sep
27
බණ්ඩාරනායක මැරුවා.. මා නොමරා මැරුවා - මෛත්රී හෙළිකරයි
දක්ෂිණාංශික බලවේග තමා රට පාලනය කළ කාලයේදී තමා නොමරා මැරූ බව ශ්රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසුවේය.
දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දක්ෂිණාංශික බලවේග විසින් වෙඩි තබා මරා දමනු ලැබූ බවත් තමාව ද එවැනි බලවේග නොමරා මැරූ බව ද කීය.
2015 තමා ජනපති ලෙස උත්සාහ කළේ බණ්ඩාරනායක මහතාගේ ශ්රීලනිප දර්ශනය අනුව රට පාලනය කිරීමට බවත් බාධාවලින් තොරව එදා කටයුතු කෙරුණා නම් බොහෝ වෙනස්කම් රට තුළ කළ හැකිව තිබුණු බවත් මෛත්රීපාල සිරිසේන මහතා පැවැසුවේ කොළඹ ශ්රීලනිප මූලස්ථානයේ පැවැති 61 වන බණ්ඩාරනායක සමරුවට එක්වෙමිනි.
බන්දුල අලහකෝන්