Sep
22
බ්ලූමැන්ඩල් සංජීවගේ බිරියයි පුතයි තවත් අයකුයි මෝදරින් අල්ලයි
පාතාල කල්ලි සාමාජික ‘බ්ලූමැන්ඩල් සංජීවා’ගේ බිරිය, පුතා හා තවත් පුද්ගලයෙක් රුපියල් ලක්‍ෂ 6ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු හා මුදල් සමඟ මෝදරදී ඊයේ (21දා) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
එම සැකකරු හා සැකකාරියන් සමඟ මත්කුඩු ග්‍රෑම් 30ක්, රුපියල් එක් ලක්‍ෂ විසිනවදාහක මුදලක් හා ජංගම දුරකථන 5ක්, බැංකු පොත්, ගුවන් ගමන් බලපත්‍ර පොලිස් භාරයට ගෙන ඇත.
ගීතාංජලී නොහොත් ‘ගීතා’ නමැති ‘බ්ලූමැන්ඩල් සංජීව‘ගේ බිරිය තොග වශයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කොටුව පොලිසියේ ස්ථානාධිපති සාගර ලියනගේ මහතා වෙත ලද තොරතුරක් අනුව එම සැකකරුවන් පදිංචි මෝදර නිවෙස වටලා සිදුකළ පරීක්‍ෂාවේදී මත්කුඩු, මුදල්, බැංකු පොත් සහ ජංගම දුරකථන පොලිසිය භාරයට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් ගීතා නමැති සැකකාරිය ඩුබායි රටේ සිටින කාන්තාවක් හා “බොටින්” නමැති ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ සම්බන්ධ වී ඇය වෙත මත්කුඩු තොග වශයෙන් ගෙන්වාගෙන විවිධ පුද්ගලයන් වෙත බෙදාහැරීමේ ජාවාරම කර ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකාරිය සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 26 සැකකරුවන් දෙදෙනා සන්තකයේ මත්කුඩු ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත. බ්ලූමැන්ඩල් සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු 2006 වසරේදී කතරගම ප්‍රදේශයේදී අතුරුදන්ව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාරියගේ වයස අවුරුදු 42ක් වන අතර සැකකරුවන් අවුරුදු 20 පසුවන්නන් බව පොලිසිය කියයි.
සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය. බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ, පොලිස් සැරයන් ප්‍රේමරත්න, කොස්තාපල්වරුන් වන වික්‍රමසිංහ සහ අබයරත්න යන නිලධාරීහු වැටලීම කළහ.
එම්.සී. පෙරේරා - මව්බිම