Sep 22

මඟුල් දවසේ මනාලිය අතුරුදන්


මනාලයා මංගල්‍යය සඳහා පැමිණෙන විට මනාලිය නොපැමිණි පුවතක් ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

මංගල උත්සවයට දින යොදාගෙන සිටි මනාලයා හා මනාලිය මීට වසරකට පමණ පෙර යෝජනාවක් මගින් දැන හඳුනාගෙන තිබේ.

පසුව, දෙපාර්ශ්වයේ ම මවුපියන්ගේ කැමැත්ත මත විවාහය සඳහා දින නියම කරගෙන ඇති අතර, ඒ අතරතුර අදාළ මනාලිය හා මනාලයා ද හොඳින් දැන හඳුනාගෙන ඇත. ඒ අනුව, විවාහය පසුගිය කොරෝනා සමයේදී පැවැත්වීමට දින යොදාගෙන තිබිණි.

කෙසේ නමුත්, රටෙහි පැවැති තත්ත්වය නිසා මීට මාස තුනකට පමණ පෙර පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල උත්සවය නොපවත්වා ඇති අතර අදාළ දිනට කසාදයේ ලියාපදිංචි කටයුතු පමණක් සිදුකර ඇත.

ඒ අනුව, කොරෝනා තත්ත්වය පහව යෑමත් සමග දෙපාර්ශ්වයේ ම එකඟතාව මත පසුගිය 17 දින ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේදී අදාළ විවාහ මංගල උත්සවය මහ ඉහළින් ගැනීමට දෙපාර්ශ්වයම සූදානම් වී තිබේ.

ඊට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් ඇතුළු උත්සව සංවිධාන කටයුතුද මනාලයාගේ මෙන් ම මනාලියගේ ද කැමැත්ත ඇතිව සූදානම් කර ඇත.

ඒ අනුව, අවසාන වශයෙන් හැඩ ගැන්වීමට ලබා දී තිබූ දිනය වන පසුගිය 16 දින  ද මනාලිය රූපලාවණ්‍යාගාරයට පැමිණ තිබේ. කෙසේ නමුත්, මනාලිය 17 දින උදෑසන එනම් මංගල දිනයේ මනාලිය ලෙස සැරසීම සඳහා පැමිණ නැත.

මේ කිසිත් නොදත් මනාලයා සාමාන්‍ය පරිදි සූදානම් වී, මල් කලඹ පිළිගැන්වීම සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයට පැමිණ ඇති අතර එවිට දැන ගන්නට ලැබී ඇත්තේ මනාලිය නොපැමිණි බවය.

පසුව, මනාලයා විසින් මනාලියගේ පාර්ශ්වය වෙත දුරකතන ඇමතුම් ලබාගෙන තිබුණද එම කිසිදු දුරකතන ඇමතුමකට පිළිතුරු නොලැබීම නිසා මනාලයා ඇතුළු පිරිස ඉමදූව පොලිසිය වෙත පැමිණ ඇත්තේ සිය මනාලිය අතුරුදන් බවට පැමිණිල්ලක් සිදුකිරීම සඳහාය.

ඒ අනුව, ක්‍රියාත්මක වූ ඉමදූව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර මහතා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් සොයාබලා මනාලියගේ පාර්ශ්වය පොලිසිය වෙත කැඳවා ඇත.

එහිදී මනාලිය පවසා ඇත්තේ තම මනාලයා විවාහයෙන් පසුව මධුසමය ගත කිරීමට යන තැන් සම්බන්ධයෙන් නොපවසන බවත්, සිය මෝටර් රථය රැගෙන එන ලෙස පවසන බවත්, තම බැංකු ගිණුම් විස්තර පිළිබඳවත් විමසන නිසා තමන් මෙම කසාදයට අකමැති බවය.

ඒ අනුව, දෙපාර්ශ්වයේ ම කරුණු විමසූ ඉමදූව පොලිස් ස්ථානාධිපතිවරයා මෙය සමථයකට පත් කිරීම සඳහා උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබේ.

පසුව දෙපාර්ශවය ම තීරණය කර ඇත්තේ දික්කසාද වී කසාදය අවසන් කිරීමටය.

ටී. විතානවසම් - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.