Sep
25
සැපසේ ජිවත් වෙන මිනිසුන් අතරේ දුප්පත්කම ලෙඩ රෝග නිසා පිඩාවට පත් වෙන ජනතාව ගැනත් නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට වාසනාව අහිමි කරගත් දරුවෙක් ගැනයි. ඔහු ජිවත් වෙන්නේ ඉන්දියාවේ. දුප්පත් පවුලක දෙවැනි දරුවා විදිහට උපදින මොහුගේ වයස අවුරුදු 14යි. ඔහුගේ හිසටත් වඩා දෙඅත් විශාලයි.
ආහාර ගැනීම හෝ වෙනත් කටයුත්තක් මේ නිසා තනිව කරගැනීමට ඔහුට හැකියාවක් නැහැ. කලීම් නමැති ඔහුගේ අත් නොනවත්වා විශාල වෙන බව තමයි ඔහුගේ දෙමාපියන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. මේ අසාමාන්‍ය තත්ත්වය නිසා ඔහු පිඩා විදින බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඔහුගේ අත්ල ආරම්භයේ සිට මැද ඇඟිල්ලේ කෙලවර දක්වා දිග අඟල් 13ක් වෙනවා. ඉන්දීය වෛද්‍යවරු පවසන්නේ මේ අතේ අඛණ්ඩ වර්ධනය වැළැක්වීම අපහසු කරුණක් බවයි.
ඔහු මාධ්‍යට සංවේදීව කියන්නේ,
"මම ඉස්කෝලේ යන්නේ නැහැ, මට ටීචර් එක එක දේවල් කියනවා..ළමයි මගේ අත අල්ලලා බලනවා..විහිළු කරනවා..මම මුලින්ම ඉස්පිරිතාලෙකට ගියේ 2014 අවුරුද්දේ..එත් මට සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.."