Sep 25

මරණ තර්ජන සිද්ධිය ගැන පොඩි ලැසී අධිකරණයේදී කතා කරයි


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා අද (25) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  ඔක්තෝබර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර සහ පාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා ලෙස නම් කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මොහු විත්ති කුඩුවේ සිටියදී මොහුගේ දැස්වලින් කදුළු වැටෙනු දැකගත හැකිවූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

බුස්ස බන්ධනාගාරයේ සිට  සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන විත් තිබුණා.

මෙකී නඩුවේ පළමු චුදිතයා ලෙස කොස්ගොඩ තාරක  නැමැත්තා නම්කොට තිබෙනවා.

මෙම නඩුව සම්බන්දයෙන් තවත් රැඳවියන්ගෙන් හා මාකදුරේ මදුෂ්ගෙන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් ඒ නිසා විමර්ශන කටයුතු අවසන්  නොමැති නිසා මොහු තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

තවදුරටත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ කරණු දක්වමින් මෙසේ  පවසා සිටියා.

" මෙකි නඩුවේ  පළමු සැකකරු ලෙස නම්කොට සිටින කොස්ගොඩ තාරක හා දෙවැනි සැකකරු ලෙස නම්කොට සිටින පොඩි ලැසි නැමැත්තා ඒ අයුරින් තර්ජනය නොකළ බවට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. නමුත් මොවුන් 11 වැනි දින  බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කළා. දින 05ක් උපවාස කළා. මෙය අතිශය කණගාටුදායක තත්වයක්. නිති විරෝධි  ක්‍රියාවක්.  අධිකරණයට කළ අපහාසයක්. උපාවාස කිරීමට පෙර ආපනශාලවෙන්  ආහාර රැස්කරගෙන  තිබෙනවා. මෙහි  පළමු සැකකරු වන කොස්ගොඩ තාරක රැදවුම නියෝග  ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ ඉන්නවා. කොස්ගොඩ තාරකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වි‍ශේෂ පරික්ෂයක් පවත්වනවා." යනුවෙනි.

මෙහිදි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල තමන්ට මේ සම්බන්ධ යමක් කීමට ඇද්දැයි  විමසා සිටි අතර එහිදි පොඩිලැසි නැමැත්තා ප්‍රකාශකොට සිටියේ තමන්  එවැනි තර්ජනයක් නොකල බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.