Aug 24

සැමියාට අයිතිවාසිකම් කියන්න ආ තම නැගණිය මරා ලුණු ලේවායක ගිල්වා දැමු පාපතර අක්කා


සිය සැමියා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බව කියමින් සිය නැඟණියගේ ගෙල මිරිකා හුස්ම සිර කර ලුණු ලේවායක ගිල්වා මරාදැමූ වැඩිමහල් සහෝදරිය ඇතුළු ඥාතීන් තිදෙනකු ඝාතනයෙන් වසර දෙකකට පසු යාපනය ප්‍රදේශයේදී මන්නාරම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

2018 වසරේ අගෝස්තු මස 13දා සිදුවූ තරුණ කාන්තාවකගේ අබිරහස් මරණයක් සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන පොලිසිය දීර්ඝව සිදුකළ විමර්ශනයකින් පසුව මන්නාරම නගරයේ කුලී ත්‍රිරෝද රථ රියැදුරකු ලබාදුන් හෝඩුවාවකට අනුව මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය, ලොකු අම්මාගේ දියණිය හා මරණකාරියගේ මාමා  පොලිසිය අත්අඩංගුවට  ගෙන තිබේ.

ඔවුන් යාපනය පොලිස් වසමේ ඩෙල්ෆ් හා පරණ උද්‍යාන මාවත, චුන්ඩුක්කුලි යන ලිපිනයන්හි පදිංචිකරුවෝය. ඔවුන් තිදෙනා එක්ව එවකට 21 හැවිරිදි වියේ පසු වූ යාපනයේ ඩෙල්ෆ් පදිංචිව සිටි ජූලිස් ජෙරාඩ් නොරිතා ජූජිතා නමැත්තියගේ ගෙල සිර කර මරා මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ පිහිටි ලුණු ලේවායක ලුණු මුදවන පොකුණක ගිල්වා පලාගොස් තිබිණි.

ඔවුන් 2018 වසරේ අගෝස්තු මස 12 වැනිදා රාත්‍රි කාලයේ ඇය ඇඳ සිටි ඇඳුම් ගලවා නිරුවත් කර මරා දමා පොකුණේ ගිල්වා ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබුණි.

වසර දෙකක කාලයක් මියගිය තැනැත්තිය කාගේ කවුරුන්ද යන්නවත් අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි වී තිබූ අතර මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාත් ඇගේ මරණයට හේතුව නිශ්චිතවම ලබා නොදෙමින් විවෘත තීන්දුවක් ලබාදී තිබුණි. කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් යද්දී ඇය හුස්ම සිර කර ඝාතනය කර ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පොලිසියට ලබාදී තිබුණි.

ඝාතනයට ලක්වූ තරුණ කාන්තාව ඇගේ අක්කාගේ සැමියා සමඟ හා ඝාතනයට සම්බන්ධ වූ ලොකු අම්මාගේ දියණියගේ සැමියා සමඟ දිගු කලක් අනියම් සබඳතාවක් පවත්වා තිබෙන අතර එම සබඳතාව නවත්වන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන් උපදෙස් ලබාදුන්නත් එම සබඳතාවන් නොනවත්වාම මරණකාරිය පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

එම සිද්ධියත් සමඟ සහෝදරියන් දෙදෙනා ඇය සමඟ විශාල වෛරයකින් සිට ඇති බවත් නැඟණිය ඝාතනය කිරීමට මවගේ අයියාගේ (මාමා) සහාය ලබාගෙන තිබෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

වසර දෙකක කාලයක් හඳුනා නොගත් කාන්තාවගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදුකළ පරීක්ෂණවලදී ත්‍රිරෝද රථ රියැදුරකු රුපියල් හයදහසකට මන්නාරම සිට යාපනයට ගිය කුලී ගමනක් පිළිබඳව හෙළිකර ඇති අතර අගෝස්තු මස 12 වැනිදා මන්නාරමට පැමිණි කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයකු නැවත යාපනයට නොගිය බවත් ඔහු පොලිසියට පවසා තිබුණි.

අගෝස්තු මස 12දා උදෑසන කාන්තාවන් තිදෙනකු සමඟ පුද්ගලයකු මන්නාරම බස් නැවතුමට පැමිණි බවත් රාත්‍රියේ ඔවුන් යනවිට තරුණ කාන්තාවක් නොසිටි බවත් ඇය පිළිබඳව විමසූ අවස්ථාවේ ඇය මන්නාරමේ ඥාති නිවෙසක අධ්‍යාපනය හැදෑරීමට නතර කළ බවත් ඔවුන් ත්‍රිරෝද රථ රියැදුරාට පැවැසූ බව අනාවරණය කර තිබුණි.

එම සිද්ධිය කුලී රියැදුරා පොලිසියට පවසා තිබූ අතර පසුව ඔහු සමඟ යාපනයට ගොස් සැකකරුවන් තිදෙනාම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. වවුනියාවේ අධ්‍යාපනය හැදෑරීමට බව පවසා නැඟණිය මන්නාරමට ගෙනවිත් ඇඳ සිටි ඇඳුම් ගලවා ගෙල සිර කර මරා දමා ඇයගේ සිරුර ලුණු ලේවායක ලුණු මුදවන තටාකයක මැදට රැගෙන ගොස් දැමූ බව සැකකරුවන් පොලිසියට පාපෝච්චාරණය කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනීමැරීමේ චෝදනාවට මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මන්නාරම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ක්‍රිශාන්තන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සෝමතිලක අර්තනන්, පොලිස් සැරයන්වරුන් වන ජයසේන (13430), නන්දසේන (18166) වර්ධන් (32346), පොලිස් කොස්තාපල්වරුන් වන නිශාන්තන් (5941)  ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර - මහේෂ් විජේසුරිය
මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.