Aug
05
SF ලොක්කාට වෙඩි තැබූ සිද්ධියේ පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ දේ මෙන්න... (වීඩියෝ)
අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අද වෙඩි තබා ඝාතනය කෙරුණා.
ඒ, අනුරාධපුර - දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදියි.
යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ඝාතනයට ලක්වූ අතර, පසුව ඔහු ගමන් ගත් දෙමුහුන් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.
ඝාතනයට ලක්වූ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මියයනවිට 32 හැවිරිදි වියේ පසුවුණා.
මේ අතර එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ පොලීසියට නියෝග කර තිබෙනවා.
ඒ, ප්‍රධාන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි.
ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 8 ක් පමණ ඔහුට එල්ල කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අද උදෑසන රටම කළඹමින්, මහමඟ ඝාතනය වූ SF ලොක්කාව, කාන්තාවක් "චූටි අයියේ" කියා කෑ ගසද්දී, වාහනයෙන් ඉවතට ගන්නා වීඩියෝ දර්ශන මෙන්න



-hirugossip