Aug
05
පළමු ප්‍රථිපලය දෙන වෙලාව මැකෝ කියයි
අද පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ජන්ද ප්‍රතිශතය සීයයට 70ක් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.
හෙට පෙරවරුවේ ජන්දය ගණන් කිරිම ආරම්භ වන අතර පළමු ප්‍රථිපලය පස්වරු 3.00 පමණ වන විට ලබා දිය හැකි බවත් අවසන් ප්‍රථිපලය හෙට මධ්‍යම රාත්‍රිය වන විටදී ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්වාසය පළකර සිටියේ.
සවස 5.00 ට අවසන් වූ ජන්ද විමසීමේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි:
- ගාල්ල 70%
- මාතලේ 72%
- නුවරඑළිය 75%
- රත්නපුර 71%
- පුත්තලම 64%
- මහනුවර 72%
- පොළොන්නරුව 72%
- හම්බන්තොට 76%
- අනුරාධපුරය 70%
- මාතර 71%
- ගම්පහ 68%
- වන්නි 73%
- කළුතර 70%
- ත්‍රීකුණාමලය 73%
- කොළඹ 67%
- කෑගල්ල 70%
- මහනුවර 67%
- අම්පාර 72.8%
- යාපනය 57%-
- කිළිනොච්චි 71.52%
- මන්නාරම 79.49%
- වව්නියාව 74%
- මුලතිව් 76.25%
- මඩකලපුව 76.15%