Aug 02

නිරන්ත එදිරිසිංහ ටියුෂන් සිසුන් ගෙවල් වලදී අපයෝජනය කළ හැටි එළිවෙයි


බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කල පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නමැති රූපවාහිනී රියැලිටි ගුරුවරයා එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බව හෙළිවී ඇත.

මෙම 54 හැවිරිදි සැකකරු ප්‍රසිද්ධ රුපවාහිනී ළමා රියැලිටි වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර එහිදී වයස අවුරුදු 10 – 12 වයසේ පසුවන කුඩා පිරිමි දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සමග සුහද වෙමින් එම දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සදහා නිවසට පැමිණීමට කටයුතු සලසාගෙන් ඇති බවට හෙළි වී ඇත.

පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. මෙම සිද්ධියෙන් පසු ඔහු විදේශ ගතවී ඇත.

මොවුන් දෙදෙනා එකතුවී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි නිරන්ත එදිරිසිංහ විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් ප්‍රමාණය විසි දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් සඳහන් වෙයි.

මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ ද සොයාගෙන ඇති බව වාර්තාවෙයි.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ළමා අපචාරයකයාගේ සහායකයෙකු ලෙස කටයුතු කල වෛද්‍යවරයා පිලිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයට දැණුම් දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම සිදුවීම හේතුවෙන් රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා අවුරුදු 13ට අඩු දරුවන් යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මුදිත විදානාපතිරණ මහතා පෙන්වා දුන්නේ මින් පසු එම මාර්ගෝපදේශන අනුගමනය නොකරන නාලිකා වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එසේම වෙළෙඳ දැන්වීම් හා දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහාද දරුවන් යොදාගැනීම වැලැක්වීම මේ සමඟම හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව එම අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.