Aug
02
මරණ දඬුවම නියම වූ චොකා මල්ලි වෙනුවට ඔහුගේ දියණිය..?
මරණ දඬුවම නියම කරන ලද රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවට ඔහුගේ දියණිය ඉදිරිපත් වනු ඇතැයි දිස්ත්‍රික්කයේ ඔහුගේ ආධාරකරුවන් අතර රාවයක් පැතිරී යමින් තිබේ.
ඔහුගේ දියණිය සෙනාලි ජයසේකර තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ තම පියා වෙනුවෙන් මෙවර ඡන්දය පාවිච්චි කරන ලෙසත් අන් කවරදාටත් වඩා එය මෙවර වැදගත් බවත් ය.
මේ අතර රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ පේ‍්‍රමලාල් ජයසේකර මහතාට මනාප ලබා දීමට කිසිදු බාධාවක් නැති බවත් ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට බාධාවක් නැති බවත්ය.
අදාල නඩු තීන්දුවේ පැමිණිල්ලේ සාක්ෂිවල පරස්පරතා ඇති බවත් එනිසා එය නැවත අභියාචනා කරන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් දැනට ලයිස්තුවේ සිටින අපේක්ෂකයෙකු මිය නොගියහොත් වෙනුවෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හෝ අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වීමක් සිදු කළ නොහැක්කක් බව මැතිවරණ කොමිසම සදහන් කර ඇත.
2015 ජනාධිපතිවරණයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පේ්්රමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.