Aug
22
කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි යන පුවත සාවද්‍යයි.
“කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ වෛද්‍ය එලියන්ත වයිට් මහතා කොරෝනා මර්දන කටයුතු සඳහා ඉන්දියාවට යැවීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට ලැබෙන බවට අප පලකල පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව පසුව තහවුරු විය.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය එබඳු කිසිදු සාකච්ඡාවක් හෝ ගුවන් යානයක් පිළිබඳ තීරණයක් නොමැති බව තහවුරු කරයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ දිනවල ඉතා සීඝ්රයෙන් සිදුවන බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන අතර මේ වනවිට ලක්ෂ තිස් හතරකට වැඩි පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබූ අතර ඉන් 76% පමණ පිරිසක් මේ වන විටත් සුවය ලබා තිබෙන බවත් හැට දහසකට වැඩි පිරිසක් මේ වන විට මරණයට පත්ව ඇති බවත් වාර්තා වෙනවා.