Aug
22
විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම මට විශාල ගෞරවයක්. ඇමති නාමල්ට ස්තුතියි - මහේල
විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම තමන් විශාල ගෞරවයක් ලෙස සලකන බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
ශ්රී ලංකාවේ ක්රීඩාව අඛණ්ඩව ඉහල තත්ත්වයට ගෙන ඒම හැමදෙනාම බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.
රටට සේවය කිරීමේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට ස්තූතිය පල කරන බවද ඔහු සඳහන් කරයි.
ජයවර්ධන මහතා බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
ක්රීඩා ඇමතිවරයාට උපදෙස් දීම සඳහා පිහිටුවා ඇති ක්රීඩා උපදේශන සභාවේ සභාපති වරයා ලෙස පත් කිරීමෙන් පසු මහේල ජයවර්ධන මෙම සටහන තබා තිබේ.