Aug 22

ඇල්ලේ සිදුවූ රිය අනතුරෙන් විදුලි අධිකාරිවරුන් තිදනෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රවණා ඇල්ල ප්‍රදේශයේ දී අද (22) උදෑසන 06.00 ට පමණ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවීමෙන් වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති අවමංගල සහභාගී වූ පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එලෙස අනතුරට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

ප්‍රපාතයට පෙරලුණු වෑන් රථයේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල, වැල්ලවාය සහ දෙමෝදර යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් 03 දෙනෙකු මියගොස් ඇත.

වෑන් රථය තුළ සිරවී සිටි රියදුරු මුදා ගැනීම සඳහා පැය 3 ක පමණ කාලයක් ගතවූ අතර දියතලාව යුධ හමුදා කඳවුරේ හමුදා සාමාජිකයින්, ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පෙරවරු 09.00 පමණ වන විට වෑන් රථයේ සිර වී සිටි රියදුරු මුදා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතු වී ඇති බවට පොලීසිය සැකපළ කරන්නේ..


ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්වෙයි.තිදෙනකු මරුට තවත් තිදෙනකුට බරපතළයි! තුවාල ලත් ලංකා විදුලිබල මණ්ඩලය අපගේ කාර්යය මණ්ඩල සහෝදර පිරිසට ඉක්මන් සුව පතන අතර මිය ගිය සැමට සාතිශය සංවේගය!
Posted by CEB News - ලංවිම පුවත් on Saturday, August 22, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.