Aug 26

අවුරුදු පහක් වැඩ ආරම්භ නොකල අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි..!


ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණත් වසර 5ක් තිස්සේ යහපාලන රජයේ අකාර්යක්ෂම හා දූරදක්ශී පාලනය නිසා වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් වහාම ආරම්භ කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් මහාමාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්ඩබ්ලිව්ආර් පේමසිරි මහතාට උපදෙස් ලබා දී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරිම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15්‍ර ක් දේශිීය අරමුදල් වලින් ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල් වන රුපියල් බිලියන 16.67 ක් (ඊයේ) 25 දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පළල මීටර 24.4 ක් වන අතර මංතීරු හතරකින් සමන්විතයග ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.

පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 ක් පමණ මුදල් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.

පසුගිය රජය විසින් ප්‍රමාද කරන මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනම්න් ඉදිකරන බවත් යහපාලන රජයේ අදූරදර්ශි අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය නිසා වැඩ ආරම්භ නොකල හේතුවෙන් වැඩිපුර මුදල් පවා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සදහා ගෙවීමට සිදු ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. වැඩිපුර ගෙවන හැම රුපියලක්ම ජනතා මුදල් බවත් අමාත්‍යවරයා පැවසීය. විවිධ අවස්ථාවන් වලදී මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පවා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන බවට යහපාලන ඇමතිවරුන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නොමඟ යැවූ බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා පැවසීයග මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගත වුවත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යංශය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.