Aug
26
හකීම් පෙනේ පුප්පයි. සජිත් හිරකරයි, නායකත්වය මණ්ඩලයක් ඉල්ලයි
සමගි ජන බලවේගයට නායකත්ව මණ්ඩලයක් තිබිය යුතු බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ නායකත්ව මණ්ඩලයක් මගින් ගනු ලබන තීරණය සාමූහිකව ගත යුතු බවත් ඒවා ප්‍රායෝගික විය යුතු බවත්ය.
සමගි ජන බලවේගය තුල ප්‍රධාන පාර්ශවයක් වන තම පක්ෂයට සන්ධානය තුළ වැදගත් කාර්යයක් පැවරී ඇති බව ද ඔහු කියයි.
මැතිවරණයට පෙර කෙටුම්පත් කරන බව සඳහන් කල සමගි ජන බලවේග ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවද ඒ ගැන මේ වන විටත් නායකත්වය සමග සාකච්ඡා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුට පළ කරන ඔහු එම පත්කිරීම් නිවැරදි යයි පැවසිය නොහැකි බවද පැවසීය.
පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.