Aug 26

නිදි යහනේදීම එක්දරු මවගේ ගෙල කපා ඝාතනය කෙරුණු බියගම සිද්ධිය


තියුණු ආයුධයකින් ගෙල කපා පිහියකින් ඇන නිදියහන මත ඝාතනය කර තිබූ බියගම, පේරගස්හන්දිය, මල්වත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි තිස්නව හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් බියගම පොලිසිය විසින් පෙරේදා (24 දා) පස්වරුවේ සොයාගෙන ඇත.

 මෙසේ ඝාතනය කර තිබුණේ නදීකා කුමාරි රත්නායක (39) නමැති එක් දරු මවකි. ඇය පෙරේදා (24 දා) පෙරවරුවේ සිය එකොළොස් හැවිරිදි දරුවා පාසල වෙත ඇරලවා පැමිණ නිවසේ තනිව සිට ඇති අතර ඇගේ ස්වාමියා ද රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

 ඝාතනයට ලක්වූ කාන්තාවගේ දරුවා පාසල නිමවී නිවසට පැමිණි විට ඔහුගේ මව ඇඳ මත ඝාතනය කර තිබූ අයුරු දැක අසල්වැසියන් මාර්ගයෙන් පොලිසියට දැනුම් දී ඇත.

 ඝාතනය සිදු වූ ස්ථානයට පෙරේදා (24 දා) සවස පැමිණි මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් නිමල් පතිරණ මහතා විසින් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, රාගම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරුන් වන තනුශාන් මුතුලින්ගම්, නිරංග සේනාරත්න හා මලීෂ ජයසුන්දර යන මහත්වරු විසින් ඝාතනය වූ ස්ථානයට පැමිණ මූලික නිරීක්ෂණ කටයුතු සිදු කළහ.

 මහෙස්ත‍්‍රාත්වරයාගේ නියමයෙන් දේහය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට රැුගෙන යන ලදී.

 කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, සහකාර පොලිස් අධිකාරි සමන් පුස්වැල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් බියගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එන්. සිරිමෙවන්, කැලණිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. බී. කහපිටිය, අපරාධ අංශයේ ස්ථානාධිපති රාජපක්ෂ, අධිකරණ කටයුතු භාර පොලිස් පරීක්ෂක ඒ. එම්. කේ. තිලකනාත් යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

- දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.