Jul
27
පාසල් වෑන් රථ වලට තවත් මාස 06ක ලිසිං සහනයක්
පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය පළ කොට තිබෙනවා.
ඒ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුවයි.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.
වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ - කුරුණෑගල අතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු අඩාල වී තිබේ. මේ හේතුවෙන් එම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.