Jul 27

ආණ්ඩුවේ පිරිහීම හමුවේ ජනාධිපතිටත් ගමක් ගමක් ගානේ යන්න වෙලා - රුවන් විජයවර්ධන


රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ නීතිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා චෝදනා කරයි.

ඔහු පවසන්නේ රටේ නීතිය කුඩුකර, දියකර තම තමන්ට කැමති මෝස්තර අඳිමින් පාට කරමින් ආණ්ඩුමේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපතයය පිළිබඳ බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය ගෙනහැර දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන් මෙම පුරාවිද්‍යා උරුම සංහාරය පිළිබඳ පරස්පර විරෝධී අදහස් සහපුරාවිද්‍යා නීතිය පිළිබඳ සත්‍ය තත්ත්වය විකෘති කරමින් මහජනතාව තවදුරටත් නොමඟ යවමින් සිටින බවයි. මේ දක්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ද පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා වරදකරුවන් ලෙස සමාජගත වූ කණ්ඩායමේ සහ ආණ්ඩුවේ දේශපාලකයින් වත්මන් රජය යටතේ යහපත් පුද්ගලයින් ලෙස පෙනී සිටීමට අවශ්‍ය නීතිමය වටපිටාවක් සකස් කර ගැනීමේ උත්සාහයක නිරතවන බව ද සදහන් කළා.

කෙසේවෙතත් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපයන් හමුවේ ජනතාවට ආණ්ඩුව පිළිබඳ දැඩි කළකිරීමක් නිර්මාණය වී ඇති බවත් එදා තමන්ගේ රුව හෝ තමාගේ ප්‍රතිරූපය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගන්න ලෙසත් මහමැතිවරණ වේදිකාවට තමා ගොඩ නොවන බවත් සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අද ආණ්ඩුව පිළිබද ඇති ජනතා අප්‍රසාදය හමුවේ ගමින් ගමට ගොස් රැස්වීම් පැවැත්වීමට සිදු ව ඇති බව සඳහන් කළා.

ඒ අනුව මෙම සියලු කරුණු හොදින් අවබෝධ කර ගනිමින් ජනතාව මෙවර මහ මැතිවරණයේදී තමන් සතු ඡන්ද බලය මැනවින් පාවිච්චි කිරීම සඳහා බුද්ධිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද රුවන් විජයවර්ධන මහතා මෙහිදී සිහිපත් කළා .

මෙහිදී අදහස් දැක්වූ විජයවර්ධන මහතා සඳහන් කළේ කොරෝනා වසංගතයේ අවදානම හේතුවෙන් සමස්තයක් ලෙස ජනතාව මෙවර ඡන්දය ලබාදීම සදහා දක්වන උනන්දුව පහත වැටී ඇති බවයි.

තත්වය එසේ වූව ද මෙවර මහමැතිවරණය මෙරට ආර්ථික, සෞඛ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන මහ මැතිවරණයක් වී ඇති බවත් , ආර්ථික හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොමැති , ප්‍රජාතන්ත්‍රවාදයට ද අභියෝග කරන මෙම ආණ්ඩුව නැවත බලයට පත් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය රටේ ජනතාව විසින් ගත යුතු බවත් පෙන්වා දුන් විජයවර්ධන මහතා පක්ෂ විපක්ෂ දේශපාලන භේදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සැළකිලිමත් වෙමින් සියලු දෙනා රට වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

විශේෂයෙන් මේ අවස්ථාවේදී රටත් , පක්ෂයත් ආරක්ෂා කිරීම සඳහා ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් තමා පක්ෂය වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සදහන් කළා.

- Newshub



රාජපක්ෂ ආණ්ඩුව අද නීතිය කුඩුකර එම කුඩු දිය කර තමන් කැමති අන්දමේ මෝස්‌තර අදිමින් පාට කරමින් ඉන්නවා.
Posted by Newshub.lk on Sunday, July 26, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.