Jul 27

දරුවන් අපයෝජනයට ලක් කරමින් වීඩියෝ පට හැදූ ටියුෂන් ගුරා ර්මන්ඩ්


දීර්ඝ කාලයක් තිස්සේ ළමයින් රැසක් අපයෝජනයට ලක්කරමින් වීඩියෝ පට නිර්මාණය කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු කොල්ලූපිටිය පොලිසිය මගින් පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඊයේ (26 දා) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් නියාස් මහතා නියෝග කළේය.

54 හැවිරිදි මෙම ගුරුවරයා පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වසර 10 කට ආසන්න කාලයක් මෙම ගුරුවරයා විටින් විට කුඩා දරුවන් අපයෝජනයට ලක්කර ඇති බව මේ වන විට පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මොහුගේ අපයෝජනයට ලක්වූ කුඩා දරුවන් දෙදෙනෙකු වෛද්‍ය පරීක්‍ෂණයන් සඳහා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාර ගුරුවරයා සතුව තිබී කුඩා දරුවන් අපයෝජනයට ලක් කරන අවස්ථාවලදී පටිගත කරන ලද වීඩියෝපට 20 ක් හා තවත් එම දර්ශන රැුසක් සහිත හාඞ් ඩිස්ක් එකක් පොලිස් භාරයට ගෙන ඇත.

ඇතැම් අවස්ථාවල මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත‍්‍රපට ආකාරයට රූගත කිරීම් සිදුකර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

සැකකරුගෙන් අපයෝජනයට ලක්වූ තවත් දරුවන් සිටීනම් කොල්ලූපිටිය පොලිසියේ 0718-591570 ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

මේ පිළිබඳව කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතාගේ උපදෙස් මත කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත, කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා කුමාරි, පොලිස් කොස්තාපල්වරුන් වන ජයසූරිය, අමිත් යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.