Jul
06
පාසල්වල අධ්‍යයන කටයුතු අද ඇරඹෙන හැටි මෙන්න
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අද (06) ආරම්භ වනවා. ඒ අනුව, සිසුන් පාසල් වෙත කැඳවන පළමු අදියර වන මෙම අදියරයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහායි.
සංශෝධිත කාල සටහන් යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර සඳහන් කළේ දරුවන්ව බියකින් හෝ සැකයකින් තොරව පාසල් වෙත එවීමට හැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය කර ඇති බවයි.
පස්වරු 03.30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරෙන 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට සුදුසු පරිදි විවේක කාල 02 ක් ලබා දීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන ආකාරය පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී පෙන්වා දුන්නේ සියලුම පාසල්වල පංති සියල්ලම ආරම්භ වන්නේ අගෝස්තු 10 වැනිදා සිට බවයි.
Source - නෙත් News