Jul 14

පරීක්ෂණයට ඇතුලත් කළ රැඳවියා රෝහලේ 08 වන මහලෙන් ඇද වැටී මරුට


කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිබෙනවා.

මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව ඇති බවයි මිගමුව රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.