Jul
13
මුහුදේ ගිලී දැරියන් දෙදෙනෙක් මරුට (වීඩියෝ)
පයාගල, තුඩාව මුහුදු තීරයේ දියේ ගිලී දැරියන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
ඔවුන් දෙදෙනා එකම පවුලේ සමාජිකයින් බවයි වාර්තාවන්නේ.
මෙම දැරියන් දෙදෙනා සමග තවත් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී එකවරම පැමිණි සැඩ රළ පහරකට එම කණ්ඩායමෙන් 5 දෙනෙක් ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
එහිදී තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී තිබේ.
අතුරුදන්ව ඇති දැරියන් දෙදෙනා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරමින් සිටියි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ අවුරුදු 10ක් සහ අවුරුදු 5ක් වයසැති දැරියන් දෙදෙනෙකි
මෙම පිරිස බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විවාහ උත්සවයකට සහභාගිවීමට පැමිණි පිරිසකි.