Jul 04

පොලිසිය මාධ්‍යවේදියාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමයි


කොළඹ ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ (03 වැනිදා) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවැත්වූ දේශනය අනාවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකුගේ බෙල්ලෙන් අල්ලා කාර්යාලයේ ගේට්ටුවෙන් පිටතට ඇද දැමීමට පොලිස් නිලධාරීහු පිරිසක් ක‍්‍රියා කළහ.

ඊයේ (03 දා) පෙරවරු 9.00 ට නිලධාරීන් පිරිසක් එකී දේශනය පැවැත්වෙන බැවින් ඒ සඳහා සහභාගිවන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව කළ ආරාධනය අනුව සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ තිබිණි.

කිසිදු මාධ්‍යවේදියකුට එකී දේශනය ආවරණ කිරීමට ඉඩ නොදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කොට ඇතැයි දොරටුවේ රාජකාරී කළ පොලිස් නිලධාරීහු මාධ්‍යයට දැනුම් දුන්හ. නීතිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශනය පැවැත්වීමට නියමිතව තිබූ භූමියට පැමිණි අවස්ථාවේදී ආරාධනා කළ පරිදි ඇතුළට පිවිසීමට ඉඩ නොදෙන්නේ නම් තමන් ඇතුළු මාධ්‍ය සගයන් ඉවත්ව යන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දීම සඳහා ඔවුන් අසලට යෑමට උත්සාහ කළ ලංකාදීප මාධ්‍යවේදී මනෝප‍්‍රිය ගුණසේකර මහතා එලෙස පිටතට ඇද දමන ලදී.

මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරුවීම වැළැක්වීම සඳහා පිටස්තර මාධ්‍යවේදීන්ට උත්සව භූමියට ඇතුළුවීමට නොදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කොට ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය යොදවා එකී වැඩසටහන ආවරණය කොට මාධ්‍යට ලබාදීමට පියවර ගන්නා බව ද එම නිලධාරීහු එහිදී දැනුම් දුන්හ.

කෙසේ නමුත් එකී උත්සව අවස්ථාව ආවරණය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ නිලධාරීන් කිසිවකුත් යෙදවීමට පියවර ගෙන නොතිබිණි. නීතිපතිවරයා සහභාගිවන එම අවස්ථාවට වැඩබලන පොලිස්පතිවරයා නොපැමිණෙන බව වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (03දා) උදෑසන නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.

නමුත් ඔහු පසුව එහි පැමිණියේය. ප‍්‍රථමයෙන්ම උත්සව සභාව අමතා ඉතා කෙටියෙන් අදහස් දක්වා තිබූ වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට දේශනය සඳහා ආරාධනා කළ සැණින් උත්සව ශාලාවෙන් පිටතට පැමිණ කාර්යාලයෙන් පිටත්වෙනු දක්නට ලැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක - ඡායාරූප සුජාතා ජයරත්න
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.