Jul
16
ඉන්දීය කොරෝණා ආසාදිතයින් තලෙයිමන්නාරමෙන් ලංකාවට පනින උත්සාහයක
දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සහයන් නැවත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවත්විණි.
නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් මේනම සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම් දිසාපති සී.ඒ. මෝහන්රාස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවත්විය.
එහිදී මන්නාරම හා තලෙයි මන්නාරම් මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අයුරු පිළිබඳව නාවික හමුදා නිලධාරීන් විසින් සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස් දැනුවත් කල අතර ඉන්දියාවේ සිට කිසිදු අයෙකුට මන්නාරම් මුහුදු කලාපය හරහා රට තුලට ඇතුලු වීමට නොදීමට හැකි සියලු පියවර ගෙන ඇති බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
ඉන්දියාවට ආසන්නයේන්ම පිහිටා ඇත්තේ තලෙයිමන්නාරම් මුහුදු කලපය බැවින් ඒ හරහා ධීවරයින් වෙස් ගෙන රට තුලට ඇතුල් වීමට ඉන්දියානුවන් උත්සහ කරන බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මන්නාරම් ධීවරයින්ද ඒ පිළිබඳව දැනුවත් කල යුතු බවට පොලීසිය හා රාජ්‍ය නිලදාරීන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් සාකච්ඡා විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ