Jul 16

ලක්ෂ 50ක කහකුඩු පිටකොටුවේ හංගලා


බස්නාහිර පළාත් බුද්ධි අංශය ලබාදුන් තොරතුරක් මත පිටකොටුව, යෝන් වීදිය අසල හරස් පාරේ සිදුකළ විශේෂ වැටලීමකදී වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා ගෙන සිටි රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කහ කුඩු කිලෝග්‍රෑම් 1000ක් සහ කහ කැබලි කිලෝග්‍රෑම් 300ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ. ජසූර් මහතා පැවැසීය.

ලැබුණු තොරතුරු මත එම වෙළෙඳසලට ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වෙළෙඳසල් හිමිකරුගෙන් කහ කුඩු ඉල්ලා සිටියද එහිදී කහ කුඩු නොමැති බව වෙළෙඳසල් හිමියා ප්‍රකාශ කර තිබේ.

පසුව නිලධාරීන් සිදුකළ සෝදිසි කිරීමේදී මෙම කහ කුඩු සහ කහ කැබලි තොගය සොයාගෙන ඇත. අනතුරුව ‘සන්තකයේ නොමැති බව සඳහන් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවාගෙන සිටීමේ චෝදනාව’ මත පාරිභෝගික අධිකාරියේ ‘16 වැනි වගන්තිය’ යටතේ එම භාණ්ඩ තොගය සහ වෙළෙඳසල් හිමිකරු අත්අඩංගුවට ගත් බවද සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

මෙම වැටලීම පාරිභෝගික අධිකාරියේ කාර්යභාර නිලධාරී කපිල බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් තනූජ වීරකෝන්, මංජුල පද්මකුමාර සහ හේමාල් විජේසූරිය යන නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ඇප මත මුදාහැර ඇති අතර භාණ්ඩ තොගය කඩිනමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිත බවද සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

මේ පිළිබඳව තොරතුරු ලබාදුන් බස්නාහිර පළාත් බුද්ධි අංශයට විශේෂ ස්තුතියක් පුද කළ සහකාර අධ්‍යක්ෂවරයා ඉදිරි නීතිමය කටයුතුවලින් අනතුරුව අධිකරණයේ උපදෙස් මත කහ කුඩු තොගය සහනාදායී මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

- රුවන්ත නිතුල්ගස්පිටිය
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.