Jul
29
හිගුරාණෙන් කොරෝනා ආසාදිතයෙක්
කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිඛේ. ඒ ඔහුවට දෙවන වරට සිදුකළ පී සී ආර් පරීක්ෂණයෙන් මෙය තහවුරු වී ඇත.
ඒ අනුව මොහු ඇසුරු කළ හිගුරාණ මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇත. ඔවුන් සියලු දෙනා පී සී ආර් පරීක්ෂණයට ලක් කිරිමට නියමිතයි.
කෙසේවෙතත් මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන කිසිවෙකු මේ ප්‍රදේශයෙන් වාර්තා වී නොමැත. ඒ අනුව ප්‍රදේශය හුදෙකලා කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
- අරුණ