Jul 29

"පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියේ නැති නිසා එක පාරට පුතෙක් කිව්වම ෂොක් වුණා"


පුංචි තිරයේ සහ සිනමාවේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චි දැන් සූදානම් වෙන්නේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න. ඉතින් පිනිපලස අපි ඇයගේ ගෙදරට ගොඩවුණේ මේ අලුත් අත්දැකීම ගැන කතා බහ කරන්න.

තාරුකා කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ

මම කරපු කැලෑ හඳ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ඒකත් බලාගෙන මේ ඉන්න තත්ත්වෙත් එක්ක ගෙදරට වෙලා තමා ඉන්නේ.

මේ කාලය ගත කරන්නේ අලුත් බලාපොරොත්තුවක් එක්කනේ

ඔව් ඇත්තටම. කාන්තාවක් විදියට ජිවිතේ ලබන උතුම්ම පදවියට සූදානමින් ඉන්නේ.

මේ කාලේ වැඩි රුචිකත්වයක් තියෙන කෑම මොකක් ද?

කේක් ජාති තමා මම වැඩියෙන්ම කන්න ආස. ඒ නිසා මහත්තයත් මට විවිධ කේක් ජාති ගෙනත් දෙනවා. පහුගිය කාලෙම අම්මා හිටියේ මගේ ළඟ. අම්මත් ඉතින් මට විවිධ පැණි රස කෑම හදලා දුන්නා. මොකද මම මේ කාලේ ආසවුණේ පැණි රස කෑමවලට නිසා.

බබා ලැබෙන්න ඉන්න කාලේ කොවිඩ් 19 වගේ වසංගත තත්ත්වයක් ආපු එක ගැන මොකද හිතුනේ?

කොහොමත් අපි බබෙක් හම්බෙන්න ඉද්දි පරිස්සම් වෙනවනේ. ඒ නිසා ගෙදරට සීමාවීම එක පැත්තකින් හොඳක් වුණා. එකම දේ ඇවිදින්න එහෙම වුණේ නැති නිසා මහත් වුණු එක විතරයි වුණේ. අනිත් අතට නම් කොහොමත් වෙනදට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න මේ කාලේ හැම අම්ම කෙනෙක්ම උත්සහ කරනවනේ. මම ගෙදර හිටියට මගේ මහත්තය දිගටම වැඩට ගියා. එළියට ගිහින් ආවම එයා සෞඛ්‍ය අංශවල උපදෙස් හරියටම පිළිපැද්ද. ඒ නිසා අනිසි බයක් නම් ඇති වුණේ නැහැ.

දුවෙක්ටද පුතෙක්ටද ආසාවෙන් හිටියේ ?

මම නම් ආස කළේ දුවෙක්ට. අපි කැමති දේත් තිබ්බට එහෙමම බැහැනේ. ලැබෙන දරුවා ආදරෙන් භාරගන්න සූදානම්.

පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැන ගත්තම ඇතිවුණ හැඟීම මොකක් ද?

අනේ මන්දා. මම පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියේ නැති නිසා එක පාරට පුතෙක් කිව්වම ෂොක් වුණා වගේ. දැන් නම් මාරම ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ පුතාගේ මුහුණ දකිනකම්.

එතකොට හස්බන්ඩ්ගේ කැමැත්ත තිබ්බේ ?

එයාට නම් එහෙම විශේෂයක් තිබ්බේ නැහැ. ඒත් පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තම එයා සතුටු වුණා.

දැන්ම හිතල ද තියෙන්නේ දාන නම ගැන ?

මේ දවස්වල හිත හිත ඉන්නේ මොන වගේ නමක් ද තියන්නේ කියලා.

තාරුකාගේ උපන්දිනෙත් අගෝස්තු මාසේ පුතා උපදින්නේත් අගෝස්තු මාසේ මොකද හිතෙන්නේ ඒ ගැන ?

මගේ උපන්දිනේ අගෝස්තු 20 නිසා. මුලින් හිතුනා මගේ දවසෙම උපදී ද කියලත්. දැන් නම් ඒක චුට්ටක් වෙනස් වෙනවා. කොහොමත් මම පුතා ලැබෙන්න කලින් ඉඳලම හිතුවේ මේ තමා මම ගන්න අන්තිම උපන්දින පාටිය. ආයේ පාටි ගන්නේ නැහැ. දානයක් වගේ පිං අතේ වැඩක් කරනවා කියලා. එහෙම හිතුවට පස්සේ තමා පුතා ලැබෙන්න ඉන්න බව දැන ගත්තේ. අගෝස්තු වලට එකතු වෙලා උපන්දිනය සමරන්න කෙනෙක් ඉන්න නිසා ගොඩක් සතුටුයි.

මව් පදවිය ලැබෙන්න ඉද්දිත් රඟපැවා නේද?

මේ දිනවල විකාශය වෙන කැලෑ හඳ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් වලට තමා සම්බන්ධ වුණේ. ඒ කොටස් කිහිපය නාට්‍යයට අත්‍යවශ්‍ය නිසා මේ ඉන්න තත්ත්වයෙන් අමාරුවෙන් හරි සහභාගි වුණා. දැන් විකාශය වෙන නිසා සමහර විට ප්‍රේක්ෂකයින්ට ඒ වෙනස තේරෙයි.

ඉදිරියටත් කෙටි විවේකයකින් පස්සේ රඟපාන්න සූදානම් ද?

මම කවදාවත් රංගනයෙන් ඈත් වෙන්න හිතලා නැහැ. මට ගෙදරින් පවා දැන් ඇති නවත්තන්න කියලා නැහැ. ඒ නිසා ඉදිරියටත් ලැබෙන ආරාධනා අනුව තෝරා ගත්ත නිර්මාණවල මම රඟපාන්න සූදානම්.

කලාව තුළ දිගටම නියැළෙන්න හස්බන්ඩ්ගෙන් අකමැත්තක් නැද්ද?

මහත්තය මුල ඉඳන්ම අකමැත්තෙන් හිටියේ නැහැ. පුළුවන් නම් කරන්න කියලා තමා එයා කියන්නේ. ඉතින් තවමත් එයා එහෙම තමා. හැබැයි ඉතින් පුතා එක්ක ගෙදර තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ.  ඒකත් බලලා ඉදිරියේදී තෝරා ගන්නවා.

ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද?

ටෙලි නිර්මාණ නම් ගොඩක් තියෙනවා. චිත්‍රපටයකුත් තියෙනවා. දැන් තියෙන මේ කොවිඩ් 19 තත්ත්වය එක්ක ඒක නම් කවදා එයිද කියන්න බැහැ. ඒක ත්‍රාසජනක ගණයට අයත් හොඳ චිත්‍රපටයක්.

දැන් බබා ලැබුණම තාරුකා අම්මලාගේ ගෙදර යනවද?

නැහැ. මහත්තයාගේ ගෙදරම තමා ඉන්නේ. මොකද එයා වැඩ අධික කෙනෙක්. එයාව තනියම තියලා ගෙදර යන්නත් බෑනේ. ඒ නිසා අම්මා එනවා අපේ ගෙදර. ඒක මම හිතන්නේ වැඩවලටත් ලේසි වෙයි කියලා හිතනවා.

පුතාගේ අනාගතය ගැන හිතල ද තියෙන්නේ.

මට වඩා ඒ ගැන මහත්තයා තමා හිතල තියෙන්නේ. මට වඩා ඒ ගැන මහත්තයට ලොකු දැනුමක් තියෙනවා. දාන්න ඕනේ පාසල සහ උගන්වන්න ඕනේ මොනවද කියලා පවා හිතලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කොයි තරම් දැනුම් පරාසයක් තියෙයි ද කියලා. ඒ සියල්ල බලලා විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්න තමා තාත්තගේ නම් කැමැත්ත.

කලාවට සම්බන්ධ කරන්න කැමැත්තක් තියෙනවද?

කවදා හරි එයා තෝරා ගත්තොත් කමක් නැහැ. අපි බල කරන්නේ නැහැ කවදාවත්. අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන ඕනේම දෙයක්.

දැන් තාරුකා රංගනයට ඇවිත් අවුරුදු කීයක් ද?

අවුරුදු 10ක් වෙනවා.

මේ කාලය තුළ කළ කී දෑ ගැන තාරුකා තෘප්තිමත් ද?

සමහර චරිත තියෙනවා මග තොටේදී තාම කතා කරන. හොඳ නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ලැබුණා. මම කරන්න ආසාවෙන් ඉඳලා නොලැබුණු නිර්මාණත් තියෙනවා ඒ අතර. සමස්තයක් විදියට සතුටු වෙන්න පුළුවන්.

හැකියාව ඉස්මතු කරගෙන රඟපාන්න පුළුවන් චරිත ලැබුණු නිසා. මට මේ හැමදේම ලැබුණේ කලාව නිසා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.