Jul 15

රියදුරු බලපත‍්‍ර සකස් කිරීම යුද හමුදාවට පැවරීමට යයි


ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන්.

සාමාන්‍යයෙන් රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී සාකච්ඡාවට ලක් වුණා.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී කියා සිටියේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත‍්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශී‍්‍ර ලංකා යුධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කළ බවයි මගී ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.