Jul
15
රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම ආයතන ප්‍රධානීන්ට වගකීම් පැවරේ
කොවිඞ් -19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යයාලයේ පැවති සාකච්ඡාවේදීයි.
කොවිඞ් -19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතින බැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළ යුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.
රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිය ද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතු බවත්, පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතනවල උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
උණ, උගුර ආශි‍්‍රත ආසාදන වැනි රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට නොයාමෙන්ද කෝවිඞ් -19 වසංගතය මර්දනයට දායක විය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සහ කොවිඞ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.