Jul
13
ඉදිරියේදී සමාජයේ කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකියි
කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇත්නම් ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ රාජාංගනය, වැලිකන්ද සහ හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරුන් ගේ සංචරණ සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඇසුරු කළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ විසින් සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවයි.
වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා ගේ පුත්‍රයා පාසැල් ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන දෙක ආශ්‍රිතව ඇතිව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දෙවන කොරෝනා රැල්ලක් නොවන බවත් එය පැවති රෝග පොකුරේ තවත් ව්‍යාප්තවීමක් බවයි විශේෂඥ චෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.