Jul
13
ප්‍රවීන ඉන්දීය නළු අනුපම් ඛේර්ගේ මවට සහ සොහොයුරාටත් කොරෝනා
ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර් ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත් අනුපම් ඛේර් ට මේ දක්වා එම වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.
එමෙන්ම ඉන්දියාවේ යොවුන් නළු පාත් සම්තාන්ටද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
ඒ පිළිබඳ ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් ද තබා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.