Jul 10

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නොකොටික් නිලධාරීන්ට මරණ දඬුවම දෙන්න


අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය යලි ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

" 1979 වර්ෂයෙන් පසු මෙරටේ මරණ දඬුවම ක්‍රියාත්මක වුයේ නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබාදීමක් සිදුවනවා. මෙම සිද්ධියේදී ඔවුන් වරදකරුවන් වුවහොත් පසුව අභියාචනයක් ඉදිරිපත් කොට එයින් ඔවුන් යලි වරදකරු වුවහොත් මෙවැනි දුෂිත නිලධාරීන්ට එරෙහිව මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරනවා" යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

පොලිස් මූලස්ථානයේ අද 10 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනුකරන බවද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

මෙම සිදුවීමට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නිතීපතිවරයා හරහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 18 දෙනෙකු හා සිවිල් පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

මේ වන අදාළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගත් වාහන 11කට ආසන්න සංඛ්‍යාවක් සහ ඉඩම් කට්ටි 18ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.