Jul
10
නියෝමාල් රංගජීවගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජනාන්විත බලපෑමක්
වැලිකඩ සිරකරුවන් සම්බන්ධ නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙක් වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් තර්ජනාන්විතව හැසිරීම කතාබහට ලක්ව තිබේ.
ඒ අද අධිකරණ භූමියේදි එම මාධ්‍යවේදියා ඡායාරූපයක් ගැනීමට යාමේදීය. එම අවස්තාවේදී නියෝමාල් රංගජීව එම මාධ්‍යවේදියාගේ කමිසයෙන් අල්ලාගෙන රැගෙන ගොස් පහර දීමට උත්සාහ කර තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ, නියෝමාල් රංගජීව ය.
එහිදී නියෝමාල් රංගජීව විසින් එම මාධ්‍යවේදියාගේ කැමරාවේ මතක කාඩ්පත්ද ගලවාගෙන තිබෙන බවද වාර්තා වේ.
මෙවැනි සිදුවීම් මාධ්‍ය නිදහසට තර්ජනයක් බවත්, මාධ්‍යවේදීන්ට සිදුවන මෙවැනි බලපෑම් සහ හිරිහැර අශිෂ්ඨ බවට දැඩි කතාබහක්ද ඇතිව තිබේ.
Source - නෙත් Gossip