Jul
16
රැඳවියන්ට නීති විරෝධී ද්‍රව්‍ය ලබාදුන් කළුතර ටෙනිස් බෝල් කල්ලිය අත්අඩංගුවට
කළුතර මල්වත්ත බන්ධනාගාර රැඳවියන්ට ටෙනිස් බෝලවල බහා හෙරෝයින් මත්කුඩු ඇතුළු දෑ යොමුකරන සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයින් පහළොස් දෙනකු පසුගියදා (14 දා) කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කණ්ඩායමක් පෙරදින රාති‍්‍රයේ බන්ධනාගාර තාප්පය ආසන්නයේ තැන තැන සැඟව සිට කරන ලද වැටලීමකදී ටෙනිස් බෝල විසිකිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණු මත තවත් පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව බන්ධනාගාරයට යොමුකිරීමට සුදානමින් සඟවා තිබූ හෙරෝයින් මත්කුඩු ග‍්‍රෑම් 12 යි මිලි ග‍්‍රෑම් 500 ක්, දුම්කොළ 19 ක් ජංගම දුරකථන දෙකක්, කවර ගලවා සුක්‍ෂම ලෙස සකස් කර තිබු චාජර් දෙකක්, ටෙනිස් බෝල දෙකක්, මත්කුඩු උරාබීමට යොදාගන්නා උපකරණ සහ ඊයම් කොළ පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් කළුතර උතුර, මල්වත්ත, ජාවත්ත, එතනමඩ සහ උග්ගල්බොඩ යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවත් ඒ අතර අවුරුදු 17 ක් වයසැති පාසල් වියේ තරුණයෙක්ද වන බවත් පොලිසිය කියයි.
රුපියල් පහළොස් දහසක මුදලක් එක් ටෙනිස් බෝලයක් බන්ධනාගාරය තුළට විසිකිරීමට අයකරන බවට ප‍්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස සහ සහකාර පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පි‍්‍රයංක සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්‍සිත, දුෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ලක්මාල්, සැරයන්වරුන්වන (41581) පෙරේරා, (5778) මනෝජ්, කොස්තාපල්වරුන්වන (94014) තිලකරත්න, (93563) ඉෂාර, (13346) පෙරේරා සහ පොකොරි (93285) විරා වැටලීමට එක්වූහ.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
Source - දිවයින