Jul
16
විභාග පහක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්
රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජූලි සහ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ විභාග 5ක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සදහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගයට අදාළ ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගය, ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය මෙලෙස කල්දමා ඇති විභාග වනවා.
මෙම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙවර උසස් පෙළ සහ 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද විභාග කොමසාරිස් සනත් පූජිත සදහන් කළා.