Jun
16
වැලිසර නාවික හමුදා කඳවුර විවෘත කිරීමට සැරසේ
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ හුදෙකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර ද නුදුරු දිනෙකදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.
මෙහෙයුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමඟින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කඳවුර විවෘත කරන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම නාවික හමුදාවේ සුවය ලැබු සංඛ්‍යාව ද අද දිනය වන විට 740 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 22 නෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
තවදුරටත් නාවික හමුදා සාමාජිකයින් 153 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
Source - Hiru News