Jun
16
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියට පැමිණි ඉරාන ජාතිකයින් 04කට කොරෝනා
අද සවස කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1909ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණි ඉරාන ජාතික කාර්මික නිලධාරින් සිව්දෙනෙකුටයි.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ සිදුකළ PCR පරීක්ෂණ වලදී එම පුද්ගලයින් සිව්දෙනාට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට කාර්මික ශිල්පින් 85 දෙනෙකු පැමිණියා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබූවා. එලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ප්‍රථිපල ලැබෙන තෙක් ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි හෝටලයක නැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
අද වන විට මෙරට කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගීන් ගෙන් 1371 ක් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 527ක් වනවා.
Source - නෙත් News