Jun 06

ප‍්‍රබල කොටි මුදාහැරීමේ විස්මයජනක කි‍්‍රයාදාමය


කොටි ජාත්‍යන්තර මූල්‍ය අංශයේ දෙවැනියා මැලේසියන් රාජන්
ප‍්‍රහාරක යානා 2 ක් මිලයට ගත්තේ ප‍්‍රදීප් මාස්ටර්

සිරගතව සිටි හිටපු කොටි කි‍්‍රයාකාරීන් දේශපාලන සිරකරුවන් යයි හඳුන්වමින් ඔවුන්ව නිදහස් කරන ලෙස හිටපු ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් සහ ඊ. පී. ඞී. පී. සංවිධානය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

එහෙත් මොවුන් දේශපාලන සිරකරුවන් නොව යුද අපරාධකරුවන්ය. විදෙස් ගත කොටි ඩයස්පෝරාව ද්‍රවිඩ සන්ධානය සහ සත්තිවේල් පියනම පසුගිය කාලය මුළුල්ලේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලවා මෙම කොටි නිදහස් කර ගැනීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. එහෙත් අද අපි හෙළිදරව් කරන්නේ වැලිකඩ සිරගෙදර සිටි ප‍්‍රබල කොටි නිදහස් වූ අයුරුයි. මෙම කොටි නිදහස් වූයේ මෙරට ත‍්‍රස්ත මර්දන බලධාරීන්ගේ දුර්වලතාවයන් නිසාද නැත්නම් වෙනත් හේතුවක් මතද? පසුගිය ආණ්ඩු යටතේ නිදහස් වූ මේ කොටි ගැන තොරතුරු ජනතාවගෙන් වසන් විය. ද්‍රවිඩ සන්ධානය පවා එම කොටි නිදහස් වූ බව උතුරේ ද්‍රවිඩ ජනතාවට පැවසුවේ නැත.

 සුබ‍්‍රමනියම් සිවකුමාර් හෙවත් මැලේසියන් රාජන් එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියාව සිටි කේ. පී. හෙවත් කුමාරන් හෙවත් ධර්මරත්නම්ගේ 2 වැනියා ලෙස හඳුන්වන මැලේසියා රාජන් කෝටිපතියෙකි. කොටි අරමුදල් පාලනය කළ දෙවැනි පුද්ගලයා ඔහුයි. එහෙත් මැලේසියා රාජන් නිදහස් විය. ඔහු නිදහස් වූයේ කෙසේදැයි වැලිකඩ සිරගෙදර සිටි අනිකුත් කොටි කි‍්‍රයාකාරීන්ටද ප‍්‍රශ්නයක් විය. එම කොටි අතර කතාබහට ලක්වූයේ මුදල් බලය නිසා රාජන් නිදහස් වූ බවයි.

 වැලිකඩ සිටි හිටපු කොටි ප‍්‍රධානීන් අතර රාජෙන්ද්‍රන් කරුනාකරන් මුහුදු කොටි බළකායේ ප‍්‍රධානියෙකි. ප‍්‍රදීප් මාස්ටර් ලෙස ඔහු හැඳින්වේ.

 ඔහු ද ශී‍්‍ර ලංකා හමුදාවට අසුවිය. මේ හැර කනගරත්නම් කයිලන් හෙවත් ලන්ඩන් කයිලන් ද වැලිකඩ සිටි අනිකුත් කොටි ත‍්‍රස්තවාදීන් අතර විය.

 ඔවුන් අතර ප‍්‍රභාකරන්ගේ සමීපතම පුද්ගලයා වූ ඥානම් ද සිටියේය. ඥානම් අද ස්විස්ටර්ලන්තයේ වාසය කරයි.

 සංගරලිංග රාසා හෙවත් කුශාන්තන් හෙවත් දර්ශන් යනු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප‍්‍රධානියායි. දර්ශන් මාස්ටර්ට මැලේසියාවේ පාම් වතුයායකදී අල්ලා ගනු ලැබුවේ අභිරහස් ලෙස මියගිය මේජර් ජනරාල් මානවඩුයි.

 මොවුන්ට අමතරව කොටි බුද්ධි සේවාව වූ ටොසී ඒකකයට හමුදා තොරතුරු සැපයූ කපිතන් ඉන්දික සංජීව ද විය.

 එසේම කොටින්ට ඔත්තු ලබාදුන් හමුදා නිලධාරීන් කීපදෙනකු ද වැලිකඩ සිරගෙදර සිරගතව සිටියේය.

 මේ පිරිස වැලිකඩ සිටියේ ඉදිරියේදී තමන්ට සිරදඬුවම් ලැබෙනු ඇති බවට අපේක්‍ෂාවෙන් නොවේ.

 ශී‍්‍ර ලංකා රජයේ ත‍්‍රස්ත මර්දන ඒකකය හිටපු කොටි කි‍්‍රයාකාරීන්ට එරෙහිව සාක්‍ෂි සොයා ගැනීමට නොහැකි බව ඔව්හු දැන සිටියහ.

 එය තවදුරටත් සනාථ වූයේ ති‍්‍රකුණාමල හිටපු කොටි නායක සිවසුබ‍්‍රමනියම් වර්ධනාදන් හෙවත් පදුමන් අධිකරණයෙන් නිදහස් වීමයි. ත‍්‍රස්ත මර්දන පොලිසිය ඔහු ති‍්‍රකුණාමල අධිකරණය වෙත ඉදිරිපත් කළේ පදුමන් යන නමිනි. එහෙත් පදුමන් අධිකරණය හමුවේ පැවසුවේ තමාගේ නියම නම පදුමන් නොවන බවයි.

 එහි ප‍්‍රතිඵලය වූයේ පදුමන් නිදහස් වීමයි. පදුමන් ති‍්‍රකුණාමලයේ ඝාතන රැසකට සම්බන්ධ වූවෙකි. මෙහිදී නැගුණු බරපතළ ප‍්‍රශ්නය වූයේ ත‍්‍රස්ත මර්දන ඒකකය පදුමන්ගේ නියම නම දැන නොසිටියේ ද යන්නයි.

 මෙයට වසර ගණනකට පෙර ත‍්‍රස්ත මර්දන ඒකකයේ බලධාරියෙක් ලෙස කටයුතු කළේ විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව පැවැත්වූ ජනපති කොමිසමෙන් වරදකරු වූ අයෙකි. විජය ඝාතනයට සම්බන්ධ සැකකරු ටාසන් වීරසිංහ මහ ? රහස් පොලිසියේ හතර වැනි තට්ටුවෙන් ඉවතට ගෙන ගියේ මොහු බව විමර්ශනවලදී අනාවරණය විය.

 කොටින්ගේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප‍්‍රධානි දර්ශන් හෙවත් කුෂාන්තන් නිදහස් වූයේය. බූස්සේ රැඳවුම් භාරයේ සිටි දර්ශන් පසුව වැලිකඩ සිරගෙදරට මාරු කෙරිණි. හිටි හැටියේම ඔහු නිදහස් වීමෙන් අනිකුත් හිටපු කොටි ද විමතියට පත්වූහ. ආරංචි මාර්ග පැවසුවේ දර්ශන්ගේ නිදහස්වීම ත‍්‍රස්ත මර්දන බලධාරීන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට සහ හිටපු ජනපතිට පවා දැනුම් දී නැති බවයි.

 වැලිකඩ සිරගෙදර රඳවා සිටියදී නිදහස් වූ කොටි ප‍්‍රධානීන් අතර ප‍්‍රදීප් මාස්ටර් හෙවත් රාජෙන්ද්‍රන් කරුනාකරන්ගේ අතීතය විමර්ශනය කරන විට ඔහු කොටි නැව් කප්පිත්තකු වන අතර යුරෝපයේ මාෆියා කල්ලි සමග දැඩි සබඳකම් පැවැත්වූවෙකි.

 වැලිකඩ සිරගෙදරදී ඔහු අනිකුත් කොටි කි‍්‍රයාකාරීන්ට පැවසුවේ 2007 සැප්තැම්බර් මස තමා යුරෝපයේ සිට එවූ නැවේ පැරණි සෝවියට් ප‍්‍රාන්තයකින් මිලයට ගත් ප‍්‍රහාරක යානා 2 ක් සහ තවත් ප‍්‍රබල අවි රැසක් තිබූ බවත් එම නැව නාවික හමුදා ප‍්‍රහාරයකින් විනාශ නොවූයේ නම් යුද්ධයේ තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූ බවයි. මෙම ප‍්‍රහාරක යානා දෙක ලබාගැනීම සඳහා මාෆියා කල්ලියක් සහය වූ බව ඔහු තවදුරටත් අනාවරණය කරනු ලැබීය.

 එහෙත් ත‍්‍රස්ත මර්දන ඒකකය ඔහුට ද නිදහස් වී විදේශගත වීමට ඉඩ දුන්නේය.

 සහරාන් ඇල්ලීම වැළැක්වීමට ත‍්‍රස්ත මර්දන ඒකකය කි‍්‍රයා කළ බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවසුවේ වැලිකඩදීය. එසේ නම් මේ හිටපු කොටි ප‍්‍රධානීන් ත‍්‍රස්ත මර්දන ඒකකයෙන් නිදහස්වීම පුදුමයක් නොවේ.

 2009 මැයි 18 දා කොටි පරාජය වීමෙන් පසු ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශවලට අවශ්‍යව සිටි කොටි ප‍්‍රබලයන් රැසක් අසුවිය. ඔවුන් අතර ඇන්ටනෝව් 32 යානාවක් පලාලි සිට රත්මලාන බලා පියාසර කරන අවස්ථාවේ විල්පත්තුවේදී මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර විනාශ කළ රාසතුරෙයි ජෙගන් හෙවත් පුලාවන් - නිර්වෙලි ස්වාමිජිලිංගම් හෙවත් සින්නයියා තිලකන්ද විය.

 ද්‍රවිඩ සන්ධානය සහ යාපනය විශ්වවිද්‍යාල සිසුන් මේ යුද අපරාධකරුවන් දෙදෙනා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබිණි.

 මේ අන්දමට එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් මිසයිල ප‍්‍රහාරයකින් වැනසූ කොටි ත‍්‍රස්තයකු තමා සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදුන් පාපොච්චාරණය කැමැත්තෙන් දුන් ප‍්‍රකාශයක් නොවන බව ති‍්‍රකුණාමල අධිකරණය ඉදිරියේ පැවසීම නිසා ද්‍රවිඩ මහෙස්ත‍්‍රාත්වරු ඔහුව නිදහස් කළේය.

 එහෙත් ඊට එරෙහිව නීතිපති අභියෝග කළේ නැත.

 මේ වන විට ත‍්‍රස්තවාදී කි‍්‍රයා සිදුකිරීම ගැන වරදකරුවන් වූ කොටි 34 ක් සිරදඬුවම් විඳින අතර ඉතිරි පිරිසට එරෙහි නඩු විභාග පැවැත්වේ.

 2017 නොවැම්බර් මස 8 දා හිටපු කොටි ත‍්‍රස්තයකු වූ සචිත‍්‍රානන්දන් ආනන්ද සුහාර් හෙවත් ලෝරන්ස් ඬේවිඞ් රාජ් හෙවත් වසන්තන් නමැත්තාට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කළේය. 2008 දී පිළියන්දලදී බස් රියක ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා මගීන් 30 ක් ඝාතනය කිරීම ගැන ඔහු වරදකරු විය.

 ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම, හමුදා භටයන් 15 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම, ලයන් එයාර් යානාව වැනසීම සහ සිවිල් ජනයා ඝාතනය කිරීම වැනි ත‍්‍රස්ත කි‍්‍රයා රැසකට සම්බන්ධව හිටපු කොටි 85 ක් ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වන අවස්ථාවේ රැඳවුම් භාරයේ සිටියහ.

 මෙම හිටපු කොටි ත‍්‍රස්තයන් කවුද යන්න ලෝක ප‍්‍රජාවට මුලින්ම හෙළිවූයේ පසුගිය රජය සමයේයි. ඔවුන් ගැන වාර්තාවක් 2017 අගෝස්තු මසදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වෙත ලබාදීමට පසුගිය රජය කි‍්‍රයා කළ අතර එම ත‍්‍රස්තයන් හමුවී ඔවුන්ගේ ප‍්‍රකාශ පටිගත කිරීමට ද අවසර දෙනු ලැබීය.

 එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මෙරටට පැමිණි අවස්ථාවේ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි මිනීමරුවන්ගේ නම් සහ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ඇතුළත් වාර්තාවක් ද ලබාදී තිබිණි.

 මෙම හිටපු කොටි ත‍්‍රස්තයන් නිදහස් කර ගැනීමේ කැබිනට් පති‍්‍රකාවක් ජනපතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කරන බව මනෝ ගනේෂන් නමැත්තා පැවසුවත් ඔහුට එය ඉටුකර ගැනීමට නොහැකි විය.

 මේ අතර රැඳවුම් භාරයේ සිටින කොටි ත‍්‍රස්තයන් අතරෙන් 34 කට දඬුවම් නියම වී ඇත.

 හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට සැලසුම් දියත් කළ කොටි මිනීමරුවන් මෙසේය. පොන්නසාමි කාර්තිකේසු සිවලිංගම් අරුන් නිලාවල්, අයිසර් පද්මනාදන්, චන්ද්‍රබෝස් සෙල්වචන්ද්‍රන්, ජ්‍යෙරාම් රාමනාදන් හෙවත් රමේෂ්.

 අගමැති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීමට උත්සාහ කළ හිටපු ත‍්‍රස්තයන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

 ගෝකුලනාදන් කන්දවන්, ශන්මුගලිංගම් දේවගන්, ජුරියන් පාක්‍යනාදන්, නිර්මාල් දේවදාස් බෙනඩික්, තම්බි රාමයියා සිවරාම් අලියාස්.

 අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම - රාසවලාන්, නබෝරුබන්, අරවින්දන් විල්පත්තුවේදී ගත්කතුවරයකු ඇතුළු සිවිල් වැසියන් 7 ක් මරා දැමීම - සිරිල් රාසමුනි, සිමියොන් සන්දිරියෝගි, මුත්තු මරික්කාර්, ස්වානිස් රමේෂ් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ද. මු. දසනායක ඝාතනය කිරීම - මැල්කම් පීරිස් හෙවත් ප‍්‍රසන්න ත‍්‍රස්ත චෝදනා එල්ල වූවන් අතර ගාලූ නාවික කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා කොටින්ට සහය වූ සිංහලයන්ද වේ.

 ගජවීර ගුණරත්නම්, නිශාන්ත එදිරිසිංහ, වයිරමුත්තු සරෝජා, කන්දයියා ඉලංගේ එසේම යුද සහ නාවික භටයන් 26 ක් ඝාතනය කිරීම ගැන එම්. සුලක්ෂන් නමැති ත‍්‍රස්තයාට චෝදනා එල්ල වී ඇත.

 මගීන් 55 ක් රැගත් ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කර වැනසූ එස්. නිල්ලරාජ් නමැති කොටි මිසයිල ඒකකයේ ත‍්‍රස්තයාට ද නඩු පවරා තිබේ.

 යුද හමුදා මූලස්ථානය තුළ සිදු කළ පිපිරීමට වගකිවයුතු මොරිස් නමැති කොටියා මහත් පරිශ‍්‍රමයක් යොදා අල්ලාගත් අතර ඔහුව මුදාහැරීමට කොටි ඩයස්පෝරාව දැඩි උත්සාහයක් ගෙන තිබිණි.

 මේ හිටපු කොටි බිහිසුණු අපරාධවලට සම්බන්ධ නිසා යුද අපරාධකරුවන් වේ. එම යුද අපරාධකරුවන් බේරා ගැනීම ද්‍රවිඩ සන්ධානයේ සහ අනිකුත් දේශපාලකයන්ගේ අරමුණ වේ.

 රජය මේ කොටි යුද අපරාධකරුවන් නිදහස් කළත් සම්බන්ධන්, සුමන්තිරන්, විග්නේෂ්වරන් සහ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ල කරන යුද අපරාධ චෝදනා නතර කරන්නේ නැත.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඔවුන්ගේ නාම ලේඛනය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ඉදිරිපත් කර ඇත්තේ ද්‍රවිඩ සන්ධානයයි.

එහෙත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 56 ක් යුද අපරාධ කළ අය බවට මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ කිසිදු පරීක්‍ෂණයකින් තොරවය.

ශී‍්‍ර ලංකා රජයේ අත්අඩංගුවේ පසුවන වේලූ යෝගරාජා අහිංසක ද්‍රවිඩයකු නොවේ. ඔහුට පැවරී තිබූ ත‍්‍රස්ත කි‍්‍රයාව මධ්‍යම කඳුකරයේ දුම්රිය පාලම් පුපුරුවා හැරීම, වීරකුමාරන් රගුලන් පාදුක්ක ප‍්‍රදේශයේදී බස් රියක් පුපුරුවා හැරීමට බෝම්බයක් ගෙන එද්දී අසුවිය. තංගවේලූ සිවකුමාර් දකුණු පළාතේ පිපිරීම් රැසක් සිදුකිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණි. ඔහුට සහය වූ සෙල්වන් අන්දරාසාද අසුවිය. කන්දවේලූ සෂිකලා කතරගමදී සම්භාවනීය අමුත්තන් රැගත් වාහනවලට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හිටපු කොටි ත‍්‍රස්තයන් අතර සිටි විදේශ ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් ඝාතනය කිරීමට සැලසුම් කළ මුත්තයියා සහ ඉසිවර් ආරොක්‍යනාදන් යන දෙදෙනා නිදහස් විය. එහෙත් කදීර්ගාමර් ඝාතනයේ ස්නයිපර්කරු ලෙස හඳුන්වන හිටපු කොටියා ජර්මනියේ බර්ලින් නුවරදී අත්අඩංගුවට ගෙන වසර හයක් සිරයට නියම විය. එසේ වුවත් සුමන්තිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානය ඔහුව නිදහස් කරන ලෙස ජර්මන් රජයෙන් ඉල්ලා නැත.

මේ අතර ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකිරීම ගැන උදයකුමාර්, ගෝකන්දන්, ධර්මරාසා, සෙබස්තියන්, රූබාසිංහ, කි‍්‍රශාන්ත කුමාර් නමැති හිටපු කොටින්ට ද නඩු ගොනුවී තිබේ.

මෙවන් තත්ත්වයක් මත වැලිකඩ සිරගෙදර රඳවා සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන් අතර කතාබහට ලක්වූයේ මුදල් ඇති කොටි ප‍්‍රබලයන් නිදහස් වෙද්දී මුදල් නැති කොටි වසර ගණනක් රැඳවුම් භාරයේ සිටින බවයි.

ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධව රඳවා ඇති පිරිස අතර අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනය ගැන සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ ද වේ. ඔහු මේ වන විට වසර 11 ක් ඇප නැතිව සිරගතව සිටියි.

මෙයට අමතරව කොටි හමුදා නායකයන් 200 ක් විස්මයජනක ලෙස නිදහස් වී තිබේ. මොවුන්ට ස්විස්, ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවලින් දේශපාලන රැකවරණ ලැබී තිබේ.

වන්නි මෙහෙයුම සමයේ මුලතිව්හි සේවය කළ අංජන් නමැති කොටි වෛද්‍යවරයා නිදහස් විය. තමා මුදල් ලබාදී නිදහස් වූ බව බි‍්‍රතාන්‍යයට පැන ගිය අංජන් පැවසීය. එසේ නම් මුදල් ලබාදුන්නේ කාටද?

කොටින්ගේ වාන් පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක දර්ශන් මාස්ටර් නිදහස් වී ප‍්‍රංශයට පැමිණීම ගැන දර්ශන්ගේ සමීපතම ඥාති කාන්තාවක් හෙළි කළේ කොටි ඩයස්පෝරාව මුදල් වැය කර කොටි ප‍්‍රබලයන් ගලවා ගත් බවයි.

ආණ්ඩු පක්‍ෂ, විපක්‍ෂ දේශපාලකයන් අතර අර්බුද ඇති වූ අවස්ථාවේ මේ ප‍්‍රබල කොටින්ට නිදහස්වීමට මග පෑදුනා යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

කීර්ති වර්ණකුලසූරිය
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.