Jun
24
රාජිත, අර්ජුන, අනුර විරෝධතා ගොනු කරති
පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්ෂා කෙරෙන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (23 දා) පැමිණි හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇතුළු තවත් වගඋත්තරකරුවන්ගේ නීතිඥයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා එම කොමිසම හමුවේ පෙනී සිටිමින් ඇවන්ගාඞ් සමාගමේ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට බලයක් නොමැති බවට නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ලිපියට අවධානය යොමු කරමින් මූලික විරෝධතා ඉදිරිපත් කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතාද කොමිසමට කරුණු දක්වමින් නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ලිපියට අනුව අදාළ පැමිණිල්ල එම කොමිසමට විභාග කිරීමට ඇති බලතල තිබේද යන ප්රශ්නය මතුකර මෙම පැමිණිල්ලට අදාළ සියලූ ලේඛන තම නීතිඥයන්ගේ අධ්‍යයනය සඳහා ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමේ විෂය පථත යටතට මේ පැමිණිල්ල නොවැටෙන බවද කොමිසම හමුවේ පැමිණිල්ල ගොනු කළ සියලූම ලේඛන සහ සාක්ෂිවල පිටපත් ලබාදෙන ලෙසද කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාද මෙම කොමිසමට ඇවන්ගාඞ් පැමිණිල්ල විභාග කිරීමට ඇති හැකියාාව ගැන මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර කොමිසමට ඉදිරිපත් වූ මෙම පැමිණිලිවලට අදාළ සියලූ ලේඛනවල සහතික පිටපත් ලබදෙන ලෙස ඉල්ලීමක් කළේය.
එම ලේඛන ලබදෙන ලෙස කොමිසමේ සභාපතිවරයා කොමිසමේ ලේකම්වරයාට නියෝග කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Source - දිවයින