Jun
24
මුදල් ගැරූ විදේශිකයන් ගල්කිස්සේ හෝටලයක සැපගද්දි අල්ලයි
ලොතරැයි දිනුම් ඇදී ඇති බව කියමින් අන්තර් ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයන් තිදෙනකු සහ උගන්ඩා ජාතික කාන්තාවක ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි හෝටලයක සැගවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර විදේශිකයන් කණ්ඩායම මීට ඉහතදීද විවිධ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන පසුව කලක් බන්ධනාගාරගත කර සිටි අය බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායමක් ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි හෝටලයක කළ වැටලීමකදී මෙම විදේශිකයන් කොටුවී ඇත.
මොවුන් සතුව තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් තොගයක් ජංගම දුරකථන ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඉකුත් 2017 වර්ෂයේ සිට මෙම විදේශිකයන් පිරිස වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන ඇති බවයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.
හේමන්ත රන්දුණු
Source - දිවයින